ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී එන්නත් 429815ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් ලක්ෂ 4කට වැඩි පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.
ශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයින් 22667612 කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී අතර 9714857ක් වෙත එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ මේ දක්වා වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.
එය 18077325ක් වෙත පළමු හා දෙවැනි මාත්‍රාව වශයෙන් ලබාදී තිබේ.