කළුතර උතුර පොලිස් වසමේ 2.25 වන දින සංචාරක හෝටලයක් තුළදි අලෙවි කිරිමට රැගෙන විත් තිබු රු.ලක්ෂ 65ක් වටිනා මැණික් ගල් 3ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ නිලධාරීන් විසින් සිදු කර විමර්ශනයේදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
මෙහිදි කොල්ලකැමට සම්බන්ධ සැකකරුවන් 4දෙනෙකු හා විදේශිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුහු ඊයේ(11) මිගමුව නගරයේදි අත්අඩංගුවට ගැනිමට සමත් වි තිබේ.
කොල්ල කන ලද මැණික් ගල් 3 හා ඊට උපයෝගි කර ගත් ජිප්රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අවු.34,36,39,හා 43 යන වයස් වල පසුවන්නෝ වෙති.
අවු 43ක්වු විදේශිය කාන්තාව මොන්ගෝලියානු ජාතික කාන්තාවකි.
සැකකරුවන් අද දින තළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.