උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2015 ට පෙර වරිපනම් අංශයේ සිදුවි ඇති ලක්ෂ 22 ට ආසන්න මුදල් අක්රමිකතාවයේ වරදකරුවන් වූ නිලධාරින් ඇතුලු කම්කරුවන් 15 දෙනෙකු සඳහා එම වංචා කළ මුදල් නැවත උඩුනුවර ප්‍රදේශිය සභාවට ගෙවීමටත් සෘජුවම වරදකරුවන් වු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමටත් පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ වමර්ශන අංශය මගින් කටයුතු කර ඇති බව උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පවසයි.
මෙම වංචාවට සම්බන්ද පුද්ගලයින් විසින් ජනතාවගෙන් වරිපනම් ලබාගැනීමේදි ව්‍යාජ බිල් පොතක් භාවිතා කරමින් එම මුදල් සභාවට නොලැබෙන ලෙස වංචා කර ඇති බව පරික්ෂණ වලදි තහවුරු වි ඇති බව සභාපතිවරයා පැවැසිය.
මේ සදහා වැරදි කරුවන් ලෙස නම් සඳහන් තිදෙනෙකු තමන්ගේ නිවරදි භාවය සදහන් කරමින් අභියාචනාද ඉදිරිපත් කර ඇත.
චමිල් රූපසිංහ