රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් දෙදෙනෙක් හා කාන්තාවක් පාදුක්ක ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි
මත්කුඩු ග්රෑම් 390 ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකාරිය එක් ගුවන් හමුදා සාමාජිකයකුගේ සහෝදරිය බව පොලිසිය කියයි
හොරෙයින් මත්කුඩු ග්රෑම් 10ක් සමඟ පාදුක්ක ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකු ගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම් එය ඔහුට මත්කුඩු ලබා දුන්නේ එම කඳවුරේම සේවය කරන
ගුවන් භටයකු බවට තොරතුරු අනාවරණ අනාවරණය වීමෙන් අනතුරුව උපක්රමශීලීව එම සැකකරු ට මත්කුඩු ඇණවුමක් ලබා දී එම මත්කුඩු රැගෙන පාදුක්ක නගරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ද මත්කුඩු ග්රෑම් 30 සමග අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
අනතුරුව එම සැකකාර ගුවන් හමුදා බටයාගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී මාතර මාකදුර පදිංචි සහෝදරිය සන්තකයේ මත්කුඩු තිබෙන බවට අනාවරණ වීමෙන් අනතුරුව එම කාන්තාව ද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 යි පසුවන්නන් බවත් කාන්තාව වයස 43 ක තැනැත්තියන් බව පොලීසිය කියයි
සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමට නියමිතය
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් නිස්සංක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ ආර් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි