ලක්ෂම්බර්ග් ජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 1/30 දින රාත්‍රී දිවයිනට පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස 04 දෙනෙකු පැමිණි අතර, ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට 1/30 දින රාත්‍රී 10.15 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.