ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර ආයතනයේ සිදුව ඇති මුදල් අවභාවිතාව පිළිබඳ විධිමත් පරික්ෂණයක් පැවැත්වීම සදහා විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි යූ.ජී.සී.අබේරත්න මහතාට බලය පවරා තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී එළඹුන තීරණයක් අනුව මෙම පියවර ගෙන තිබේ. මේ අනුව ඉකුත් 5දා සිට ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ සියලු විගණන කටයුතු හා මූල්‍ය කටයුතු විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා යටතට පත් කොට ඇත.
ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ බරපතල මූල්‍ය අවභාවිතාවක් සිදුවන බවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරු අනුව ඒ පිළිබඳ පූර්ණ විගණනයක් කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් ජූලි 8 දා අභ්‍යන්තර විගණන ප්‍රධානියාට උපදෙස් දී තිබුණි.
මේ අනුව සිදු කරන ලද විගණනයට අනුව ලක්ෂමන් කදිරගාමර් ආයතනය රජයේ මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ නොසලකා රුපියල් මිලියන ගණනක රජයේ මුදල් අවභාවිත කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. මෙම සිද්ධීන්ට සම්බන්ධ ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ ලොකු කුඩා සියලුම නිලධාරින්ට එරෙහිව විනයානුකූල හා නිත්‍යානුකූල පියවර ගැනිමටද අමාත්‍යවරයා අදා< නිලධාරින්ට උපදෙස් දී තිබේ.