ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් තිදෙනකු වෙනත් රෝගි තත්වයන් මත ප්‍රතිකාර ලබා ගැනිම සදහා නාවලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත ඔවුන් කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත්ය.
පසුව එහි අනිකුත් සේවකයන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මේ වන විට කොවිඩ් ආසාදිතයන් 17 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්