ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රතම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් (05) දින ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත් එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.
එම අසාදිතයින් හමුවිමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සෙවකයින් 140 දෙනෙකු පි .සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයන් නිරෝධායනයට යොමු කල බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.