ලක්ෂපාන, මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට (19) දින තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
අසාදිතයන් 06 දෙනා අතර අවු 2 සහ අවු 5 ක ළමුන් දෙදෙනෙකු සිටියි.
එම පවුලේ පෙර අසාදිතයෙකු මීට ප්‍රථම හදුනාගත් බවත්,ඉන් අනතුරුව පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 06 දෙනා හදුනාගැනිමට හැකි වු බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය.
එම අසාදිතයන් පදිංචි නිවාසයට ආසන්නයේම තවත් අසාදිතයෙකුද ඊයේ (19දා) හඳුනාගෙන තිබේ.