කොවිඩ් 19 හේතුවෙන් හුදෙකනා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ රූපවාහියේ අරුණ වැඩසටහනට එක්වෙමින් පැවැසීය.
අද පෙරවරුවේ මෙම ප්‍ර දේශ හුදෙකලා කිරීම අවසන් කර තිබේ.
ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ විවෘත කර ඇතැයි ද ඔහු පැවැසීය.
කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම නිසා එම ප්‍ර දේශ හුදෙනකා කළ අතර එහි ජනතාව නිරෝධානය කිරීමටද කටයුතු කෙරිණි.
බණ්ඩාරනායකපුර ප්‍ර දේශයේ තවත් පිරිසක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔවුන් නිරෝධානය අවසන් වුවත් තවත් දින 14ක් තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.