"බලශක්තිය අභියෝගයක් ලෙසින් අභිමුවේ පවතින රටක් වශයෙන්, විදුලි බලයට අදාළ තාක්ෂණය නව්‍යකරණය පිළිබදව ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය සකස්කළ යුතුයි. මේ රටේ බැංකු ක්ෂේත්රය සීමාමායිම්, බෙදීම් නොමැතිව විදුලිය සම්බන්ධ කාර්යයන්හිදි ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. ඒ වගේම විදුලිබලය රටේ සියළු ක්ෂේත්රයන්හි නාඹිගත කරුණ ලෙස අපේ න්‍යාය පත්රවලට එක්කරගත යුතුයි.
රටක් වශයෙන් අපට ඉදිරි ගමනක් තිබෙන්නේ මේ කාරණා පිළිබදව නිවැරදි විද්‍යාත්මක හැදැරීමකින් අනතුරුව එළඹෙන තීරණ වලදී පමණයි. අපේ ඉතිහාසයට වැරදුන තැන තමයි රාජ්‍ය අංශය, පුද්ගලික අංශය කියලා වෙන්කරගත්ත එක. බලකොටු හදාගත් එක. අපේ රාජ්‍යය ඉදිරිපිට දැන් තිබෙන මෙම අභියෝග ඒ ආකාරයෙන් බෙදී වෙන්වී, බලකොටුගතවී විසඳාගත නොහැකි බව අප තේරුම්ගත යුතුයි" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (24) පස්වරුවේ කිංස්බරි හෝටලයේ පැවති ලංකා විදුලි පුද්ගලික සමාගම, මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම මයික්‍රෝග්‍රිඩ් නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබාදී ඇති අතර ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්රමුඛයෙකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය මයික්‍රෝග්‍රිඩ් බලශක්ති විසදුමක් ලබාදීමට නියමිතය. මයික්‍රෝග්‍රිඩ් බලශක්ති ක්‍රමවේදය මේ වනවිටත් රට පුරා පාරිභෝගිකයින් සදහා අඛණ්ඩව විදුලි බෙදාහැරිම සදහා යෝජිත ආකෘතියකි.
මෙහිදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය අලහප්පෙරුම මහතා..,
"ජනාධිපති රටට ඉලක්කයක් දීලා තිබෙනවා. 2030 වනවිට පුනර්ජනනීය සහ හරිත විදුලිය 70% ක් බවට පත්කරවීම. මේ ඉලක්කය හඹාගෙන යාමේදී ඉලක්ක දෙකක් ජයගත යුතුයි. ඉන් එකක් තමයි 2023 වනවිට දැනට ජනනය වන විදුලිය දෙගුණයක් වියයුතුයි. අනෙක් ඉලක්කය තමයි 2023 වනවිට ඩීසල් මත යැපෙන, අපේ ආර්ථිකය දහනය වන විදුලි දායකත්වය 5% කට වඩා අවම කරගත යුතුයි. මේ ඉලක්ක හඹාගෙන යාමේදී අද හදුන්වාදෙන මයික්රෝගිඩ් තාක්ෂණය තුළින් ඉතාම වැදගත් මැදිහත්වීමක් ලබාදෙනවා.
අද උදාවෙලා තිබෙන්නේ විදුලිබල ක්ෂේත්රයේ වර්තනීය අවස්ථාවක්. ශ්‍රී ලාංකීය තාක්ෂණයේ නව්‍යකරණය පිළිබඳ අද අපි සියලු දෙනාම ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. ජාතික අභියෝගයක් වශයෙන් සලකන විදුලිබල හා බලශක්තිය යන කාරණයේදී සියලු භේද ඉවතදාලා පාර්ශවයන් කිහිපයක්ම අද එකතුවෙලා තිබෙනවා. රටක් විදියට මේ අභියෝගය අපි බාරගත යුතුයි.”