ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුහු මේ බව අවධාරණය කළහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිතුමා මතුවු හදිසි තත්ත්වය මැඩපැවැත්වීමට ගත් පියවර පිළිබදව ද පැහැදිලි කළේය.
ප්‍රහාර එල්ල වූ වහාම එම ස්ථාන වටලා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර විමර්ශන කටයුතු ද විධිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
එම විමර්ශන කටයුතුවල දී ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30 ක යුද්ධයේ අත්දැකීම් මෙන්ම පසුගියදා මහනුවර සිදුවීම පිළිබදව ලැබු අත්දැකීම් ද ඉවහල් කරගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහිත බලවත් රටවල් 08ක් මේ වනවිට ශී‍්‍ර ලංකාවට කැමැත්ත පළ කර තිබෙන බවද පැවසිය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි.
මෙවන් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා බුද්ධි අංශයට ලැබී තිබුණ දළ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලතල නොතිබූ අතර කෙසේ වෙතත් ඉදිරියේ දී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත්, එමෙන්ම ඇතිවිය හැකි ප්රවනතාවයන් සමඟ ඉදිරියේ දී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.