කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
කොවිඩ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද දින (14) පෙරවරුවේ 07 වැනි වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වූ අවස්ථාවේදී මේ බව අණාවරණය විය.
COVID 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී අනාවරණය වූ කරුණු අනුව මේ වනවිට කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය බලධාරින් සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් අනාවරණය කරන ලදි.
මේ සදහා වෛරසය ආරම්භයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත මුල සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්යාරක්ෂිත විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ගන්නා ලද ක්‍රියාමර්ග වල සාර්ථකත්වය හේතු සාධක වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය
ක්‍රම ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිරයාම පාලනය කිරීමට දමා ඇති නීති රීති වලට ජනතාව අනුගතවනවාද නැද්ද යන්න පිළිබදව ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධානය යොමු විය යුතු බවත්, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩ කරන පුද්ගලයින් හට නීතිමය වශයෙන් දැඩි පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව ද සදහන් කරන ලදි.
එමෙන්ම ජනතාවට ලබාදී ඇති COVID -19 පාලන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුගතව ඉදිරිටත් කටයුතු කරන ලෙසටත්, මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශණයක් ද හදුන්වා දී ඇති අතර ඒ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් අමාත්‍යවරිය ඉල්ලා සිටී.
එමෙන්ම වර්ෂා ආරම්භයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියක් සිදු විය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කර මර්ධන වැඩසටහන් දියත් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන එ්කකයේ නිලධාරීන්ට අමාත්‍යතුමීය උපදෙස් ලබාදෙන ලදි.