ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.
මෙම 59 දෙනා අතරින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් එංගලන්තයේ සිට පැමිණි ඇති අතර තවත් අයෙක් ඉන්දියාවේ සිට පැමිණ තිබේ. මීට අමතරව නිරෝධායන කඳවුරුවලින් හදුනාගත් 20 දෙනෙකුද සිටින බව එම බළකාය සඳහන් කරයි.