අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මෙය අතර හමුවක් අද (05දා) විජේරාමයේ නිල නිවසේදී පැවැත්විණි.
කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග සහ වෛරසය පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට මුහුණදීමට සිදු වන ආර්ථික අභියෝග සහ දෙරට අතර ක්‍රියාත්මක සහයෝගීතාවන් ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
රටතුළ දැනට පවතින කොවිඞ් 19 අවදානම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළ තානාපතිවරිය මහජන සෞඛ්‍ය පිළිබඳ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වශයෙන් එක්සත් ජනපදය කටයුතු කරන බවත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්ත ක්ෂේත්රය සඳහා එක්සත් ජනපද අන්‍රගහය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලූම් නිෂ්පාදන සමාගම් කිහිපයක් මේ වන විට ගෝලීය වශයෙන් පවතින ඉල්ලූම සපුරාලීම සඳහා පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනයේ නිරත වන බව ද පැවසුවේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාව පළකළ තානාපතිවරිය එක්සත් ජනපදයේ ගැනුම්කරුවන් හා එම ආයතන සම්බන්ධ කිරීමට තානාපති කාර්යාලය මේ වන විටත් විවිධ අංශ සමඟ කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා සමඟ පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහාපරිමාන සාමගම් මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණපා සිටින අර්බුදයෙන් සාර්ථකව අත්මිදෙනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තුවන බවද තානාපතිවරිය පැවසුවාය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ අග්රාමාත්යලේකම් ගාමිණී සෙනරත් මහතාද එක්වූහ.