ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය නියෝජනය කරන ලද බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩායම 2019 වසරේ හොඳම මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩය ලෙස ඇමෙරිකාවේදී සම්මානයට පාත්‍ර විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 'මාෂල් ලෙගසි' ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන 'වසරේ හොඳම සුනඛ කණ්ඩායම' තේරීමේ තරඟාවලිය පසුගියදා (23 දා) වොෂින්ටන් නගරයේ පිහිටි Fairmount හෝටලයේ දී පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකාවට මෙම සම්මානය හිමිවිය.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 12 ක් නියෝජනය කරමින් සුනඛ කණ්ඩායම් ඉදිරිපත් වී තිබුණි.
එම සම්මානලාභී කණ්ඩය විසින් බිම් බෝම්බ සොයා ගැනීමේ රාජකාරීන් සිදු කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් නිදර්ශනයක් ද මෙහිදී ඉදිරිපත් කර ඇත.
ජයග්‍රාහී කණ්ඩායම:
සුනඛ හසුරවන්නා: 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් නිශාන්ත බණ්ඩාර
සුනඛයාගේ නම: සැමි (ගැහැණු)