උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැඟිමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රට ලස්සන කිරිමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැඟිම මගින් ලෝකය ජය ගැනීමේ හැකියාව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ “ජනාධිපතිවරණ ජයග්‍රහණ සැමරුම හා ඉදිරි වැඩපිළිවෙළ” මැයෙන් අද (9) අරලියගහ මන්දිරයේ පැවැති තරුණ සමුළුවට එක් වෙමිනි.
හිටපු තරුණ කටයුතු අමාත්‍යවරයා තරුණයින්ගේ මේ අභිමානවත් හැඟීමට මෝඩජෝක් කියමින් සිනාසුනු බවද එහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා අණකිරීමක්, බලකිරීමක්, ව්‍යාපෘති වාර්තා හෝ විදේශ ආධාර එනතෙක් නොසිට රට ගැනවූ අවංක හැඟිමෙන් තරුණයින් කටයුතු කිරීම නව රජය අගය කරන බවද පැවසීය.
තරුණ ප්‍රජාව තුළ ඇතිව තිබෙන මේ අභිමානවත් හැඟීම රැකගත යුතුව ඇතැයි එහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා “ඉතිහාසයේ හැමදාම ආණ්ඩුකළේ ප්‍රශ්න විකුණගෙන කන එක බවත් ප්‍රශ්න විසදන්න අත ගහන්නේ නැතුව පැත්තකට විම බවත් ඒ නිසා වසර 30ක යුද්දෙ කෙරුණේ ඒ නිසා බවත් අගමැතිවරයා පැවසීය.
නමුත් ඉතිහාසය තුල අපි එහෙම මිනිස්සු නොවන බවත් අපි ප්‍රශ්න විසඳන රජයක්, අභියෝග භාරගන්න රජයක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, ප්‍රවාහන සේවා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඇතුළු විශාල පිරිසක් එක් වූහ.