ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් , පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මවුබිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය .
උදිත දන්වත්ත , මෙම ආදරණීය පියා ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත් , ඔහුගේ ආදරණීය එකම පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින් , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය පදවාගෙන ඊයේ දින රාත්‍රී 9.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිතගේ ආදරණීය බිරිඳ මෙන්ම , කවීෂගේ ආදරණීය මව ද ගුවන් තොටුපළ වෙත මල් මිටක් ද රැගෙන පැමිණ සිටියාය මෙහිදී ඔවුන් පදවාගෙන පැමිණි ගුවන් යානයෙන් බැසගත් මෙම පිය පුතු ගුවන් නියමුවන් දෙදෙනා , ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණ , එහි සිටි මාධ්‍යවේදීන් වෙත සිය අදහස් මෙසේ දැක්වීය .
එහිදී උදිත දන්වත්ත මහතා මෙසේ පැවසීය . මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක් . මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන පැමිණියා . එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා , කවීෂ දන්වත්ත .
මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක් .මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් . ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් .
මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත . මේක මගේ කුඩා කාලයේ පටන්ම පැවති සිහිනයක් . මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා. ඉතින් මට මේ තත්ත්වයට එන්නට උදවු කළ මගේ ආදරණීය දෙමාපියන්ට , ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා .
මෙම පිය පුතු දෙපළ විසින් පදවාගෙන පැමිණි එයා ඒෂියා ගුවන් යානය යළිත් රාත්‍රී 10.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගියහ.
කටුනායක ටි.කේ.පි කපිල