රත්නපුර පැල්මඩුල්ලේදී හමුවූ මැණික ලබන නොවැම්බර් මසදී චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියේදී විකිණීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
අයිතිකරුගේ කැමැත්ත මත මෙය විදේශ වෙන්දේසියේදී විකිණීමට නියමිතව තිබේ. මෙම මැණිකට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබේ.
වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමිවෙයි. රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.