ලංකාපුර කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව පී සීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර තිබෙන බවත් මේ වනවිට එයින් ලැබී ඇති ප්‍රතිඵල අනුව 942ක් මේ වනවිට නෙගටිව් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මහනුවර පරික්ෂණාගාරයෙන් 130ක් පරික්ෂ කර තිබෙන බවත් අද සවස වනවිට එම සංඛ්‍යාව ද කොවිඩ් ආසාදිත නොවන බව වාර්තා වී ඇති බව අද (3) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.