පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමඟ සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.
ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ අද (23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිත පවුල ජීවත්වන නිවස අසළ පුද්ගලයෙකුට ඊයේ (22දා) කොවිඩ් ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වී තිබේ.
මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හමු වූ ආසාදිධිතයින් ගණන 07 දක්වා ඉහළ යන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙසේ හදුනා ගත් ආසාධිතයාත් නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවූ පුද්ගලයෙකු බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ අහඹු ලෙස තෝරා ගත් ප්‍රදේශවල පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මේ සඳහා යම් බලපෑමක් ඇතත් කොරෝනා සමාජ ගත වීම පාළනය කිරීමට කළහැකි දෑ කඩිනමින් සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.