නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රාදේශීය වශයෙන් සිදුකරන අගුලු දැමීම් (ලොක්ඩවුන්) සීමාවන් සම්බන්ධයෙන් මධ්‍යම ලන්ඩනයේ පැවති විරෝධතාවකදී පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
"අපට නිදහස අවශ්‍යයි", "කොවිඩි-19 කුරිරුකම් අවසන් කරමු" යනුවෙන් පුවරු ඔසවාගෙන ගිය විරෝධතාකරුවන් බකිංහැම් මාලිගයෙන් පිටත රැස්වී සිටි අතර, පසුව ඔවුහු ට්රැෆල්ගර් චතුරස්‍රය වෙත පා ගමනින් පැමිණියහ. මෙම සියලු අවස්ථාවන් සඳහා විශාල පොලිස් කණ්ඩායම් ස්ථානගත කර තිබුණි.
මෙට්‍රොපොලිටන් පොලීසිය කියා සිටියේ ජනතාව විසිරී සිටිය නමුත්, සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යාමට ඔවුන් අපොහොසත් වීම නිසා එය සිදුකරන ලෙස ඉල්ලා සිටි බවයි.
වෙස්ට්මිනිස්ටර් පාලම ආසන්නයේදී මෙම උද්ඝෝෂණයට පොලීසියෙන් බාධා ඇති වූ අතර නිලධාරීන් උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට උත්සාහ කළේය. එහිදී නිලධාරීන් තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බව පවසයි.
ඒ අනුව නව කොරෝනා වෛරස රෙගුලාසි උල්ලංඝනය කිරීම, හදිසි සේවා සේවකයෙකුට පහරදීම සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ආබාධ ඇතිකිරීම ඇතුළු විවිධ වැරදි සඳහා මීට සම්බන්ධ වූ 18 දෙනෙකු අත්අඩංගුවට මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.