නෙදර්ලන්ත අග්රාමාත්යවරයාගේ ජීවිතක්ෂයට පත් මෑණියන් අවසන් හුස්ම හෙළන රාත්රිය දක්වාම සති ගණනාවකින් ඇය බැලීමට ලොක්ඩවුන් නීතී නිසා අවස්ථාවක් නොලැබුණු බව නෙදර්ලන්ත අග්රාමාත්ය කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් නෙදර්ලන්ත අග්රාමාත්ය මාක් රූට්ගේ 96 හැවිරිදි මෑණියන් වන මයික් රූට් ඩිලිං පසුගිය මැයි මස 13දා ජීවිතක්ෂයට පත්වූ දින රාත්රියේ ඇය සමග ගත කිරීමට අගමැතිවරයාට අවස්ථාව හිමිවූ බව අගමැති ප්රකාශක සඳහන් කරයි.
සඳුදා නිකුත් කළ නිවේදනයක් නිකුත් කළ අග්රාමාත්යවරයා පැවසුවේ, "සියලු ආදරණීය මතකයන්ට අමතරව, මහත් ශෝකයක් තිබුණත්, මගේ පවුලේ අයටත් මටත් ඇය සමඟ අප සමග මෙතරම් කාලයක් රැඳී සිටීමට අවස්ථාව ලබා දීම ගැන කෘතඥ පූර්වක වෙනවා.. ඇය පවුල් ප්රධාන සාමාජිකාව ලෙස සිටි අතර, නුදුරු අනාගතයේ දී මේ විශාල පාඩුව විඳදරාගෙන කටයුතු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
නෙදර්ලන්තයේ අග්රාමාත්යවරයා රට තුළ ක්රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්රියාමාර්ගවලට අනුකූල වූ අතර සති 8 කට වඩා වැඩි කාලයක් තම මව බැලීමටවත් නොගිය බව අගමැති කාර්යාලය පවසයි..
කෙසේ වෙතත්, එරට සීමාකිරීමේ නීති යටතේ මිය යන අයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට සමුගැනීමට අන්තිම අදියරේදී ඉඩක් ලැබෙන අතර, ඒ අනුව අගමැති සිය මව සමග අවසන් රාත්රිය ඇය අසල රැඳී සිට තිබේ.