පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරින් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරින් රැසකගෙන් ඊයේ ( 7 ) දින ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ .
අදාළ කොමිසමේ නිලධාරින් විසින් ඊයේ දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙන් කර ගෙන එහිදි ලැක්ටෝ වත්ත අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරි වසමේ කලින් සේවය කළ ග්‍රාම නිලධාරි හා දැනට එහි සේවයේ නිරත ග්‍රාම නිලධාරින්ගේ දිර්ඝ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පැවසේ.
ඒ සමඟම ලැක්ටෝ වත්ත ආසන්නයේ පදිංචි කපුවකු ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවක් හා එම ලැක්ටෝ වත්ත ආසන්නයේම පදිංචිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ .
එහිදි මෙම ලැක්ටෝ වත්ත අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරි වසම භාරව සිටි පොලිස් නිලධාරින් පිළිබඳවද දිර් ඝ විස්තර සොයා බැලිමක් කර ඇති බව පැවසෙයි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික අයි එස් ත්රස්තයන් පුහුණු විම සිදුවු ස්ථානයක් වන අතරම අක්කර 75කට ආසන්න මෙම ඉඩමේ නිවස ආසන්නයේ සඟවා තිබු අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් 2019 වසරේ ජනවාරි 16 දින සොයා ගෙන තිබුණේ මෙම ස්ථානයේ රැඳි සිටි සැකකරුවන් සිවු දෙනෙකුද අත්අඩංගුවට ගනිමිනි .
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පසුව 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම ලැක්ටෝ වත්ත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ දැඩි පරික්ෂාවට ලක්කර ගිනිඅවි තොගයක් සොයා ගෙන තිබුණි.
නමුත් පසුව අවස්ථා තුනකදි කිසියම් පිරිසක් රහසේ මෙම ඉඩම තුළ කැණිම් කරමින් කිසියම් දෙයක් සොයන්නට වෙහෙසි ඇති බව ආරක්ෂක අංශ සනාථ කර ගෙන තිබුණි.
මෙම සිද්ධියත් සමග අවස්ථා කිපයක් රජයේ රස පරික්ෂක වරයාගේ පරික්ෂාවට මෙම ලැක්ටෝ වත්ත ලක්වි තිබුණි.
මෙම සිදුවිම් සියල්ල පිළිබඳව අදාළ කොමිසමේ නිලධාරින් දැඩි අවදානයට ලක්ව ඇති බව කියයි.