ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ කාර්ය මණ්ඩලයන්ගෙන් සමන්විත ජර්මනියට අයත් නෞකාවක් ඔස්ට්‍රේලියාවේ කෙම්බ්ලා වරායේ රඳවාගෙන තිබේ.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කළ පැමිණිලි අනුව නෞකාවට වරායෙන් පිටවීමට අවස්ථාව ලබා දී නොමැත.
කාර්ය මණ්ඩලය පැමිණිලි කර ඇත්තේ ඊළඟ ගමනාන්තය තෙක් ප්‍රමාණවත් ආහාර පාන නොමැති බවත් සේවා තත්ත්වයන් අනාරක්ෂිත බවත්ය.
ඊළඟ ගමනාන්තය දක්වා ඔවුන්ට දින 14කට ප්‍රමාණවත් ආහාර පාන නොමැති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.