ඔස්ට්‍රේලියාවේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටියදී ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩගුවට ගත් ශ්‍රි ලංකාවේ මොහොමඩ් නිසාම්ඩීන් අදාළ ත්‍රස්ත චෝදනාවලින් නිදහස් කිරිමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කළේය. ඒ ඔහුගේ සටහන් පොතේ තිබූ අකුරු නිශාම්ඩ්නීගේ අකුරු සමග නොගැලපිම හේතුවෙනි.
මේ අතර එම සටහන් පොතේ තිබූ සලකුණු වල අකුරු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරාගේ අකුරුවලට සමාන වීම හේතුවෙන් පොලීසිය මේ වන විට සිය පරික්ෂණ අර්සාලන් කවාජා වෙත යොමුකර තිබේ.
එම විමර්ශන වලට අදාළව ඔස්ට්‍රේලියානු පොලීසිය කවාජාගේ නිවස පරීක්ෂා කිරිමට කටයුතු කර තිබේ. නිශාම්ඩින්ගෙන් සොයාගනු ලැබූ සටහන් පොතේ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ කටයුතු ඇමතිනි ජූලියා බිෂොප් හා සිඩින් ඔපෙරා මන්දිරය සම්බන්ධයෙන් තොරතුරු තිබී ඇත.
නිශාම්ඩ්න් නිව් සවුත් වෙල්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරේම සේවය කරන අතර අර්සාලන්ද එම විශ්ව විද්‍යාලයේ සේවය කරයි. ඒ අනුව නිශාම්ඩීන්ගේ සටහන් පොතේ අර්සාලන් මෙසේ සටහන් තබා ඇති බවට පොලීසිය සැකකරන අතර ඒ අනුව විමර්ශන ඉදිරියට පවත්වාගෙන යයි.
අර්සාලන්ගේ පියා වන තරීක් කවාජා පොලීසිය සිය නිවස පරීක්ෂා කළ බව තහවුරු කර තිබේ. “ඔවුන්ට කරන්න රැකියාවක් තිබෙනවා. එය ගැන කනගාටු වෙන්න් ඕන නෑ. ” යැයි තරික් පවසයි.
මෙහිදී මාධ්‍ය විමසා ඇත්තේ තම පුතාට අදාළ සටහන් පොත සම්බන්ධයක් පවතීද යන්නයි. එයට පිළිතුරු දෙමින් තාරික් පවසා ඇත්තේ “ ඔහු (නිසාම්ඩීන්) ඔහුගේ යහළුවෙක්. ඔහු වැඩරක්නේ ඔහුත් සමගයි. මේ ගැන මට අදහසක් නෑ. සමාවෙන්න. මට මේක සාකච්ඡා කරන්න බැ” යනුවෙනි.
කවාජාගේ නිවස පරීක්ෂා කරන අතරේ ඔහුගේ අත් අකුරු සහිත ලිපි ලේඛණ කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් ඊයේ සවස්වන වටත් අර්සාලන් කවාජාට කිසිම චෝදනාවක් පොලීසිය විසින් එන්න කර නොතිබුණි.
මේ අතර නිසාම්ඩීන්ගේ නීතිඥයින් පවසන්නේ තම සේවාදායකයට එල්ල කළ අභූත චෝදනා සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවත් නීතිඥ ගාස්තුද අය කර ගැනීමට කටයුතු කරන බවත්ය. නිසාම්ඩීන් පළාත් පාලන හා පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ඥාතියෙක් වෙයි.
tendaily.com.au