රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21දා) පැල්මඩුල්ල මහෙස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුවකට අදාළව පැමිණිල්ලේ මුල් පිටපත් සහ සාක්ෂි සම්පිණ්ඩන සහිත වාර්තාවක් ලබා දීම සඳහා සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් අල්ලස් ඉල්ලා තිබේ.
පැමිණිලිකරුගෙන් මෙම මුදල් ලබාගත් අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අල්ලස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.