නීතිවිරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක සැකකරුවෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා හට ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර අදාළ මුදල් නෝට්ටු රැගෙන යමින් සිටි ප්‍රධාන සැකකරු සහ ඔහු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් මෙම 5000 සේ නෝට්ටු 200ය සහ ඔහු ගමන්ගත් යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
පසුව එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අදාල මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
එම සැකකරු රන්න උඩයාල ප්‍රදේශයේ පදිංචි කොමිනිකේෂන් එකක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වේ . පසුව ඔහු සතුව තිබී මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණකය හා එහි උපාංග මෙන්ම මුද්රණයන්ත්රයද පොලිස් බාරයට ගෙන අදාල වෙළ සැලට තාවකාලිකව මුද්‍රා තබන ලදී.
අදාළ වෙළඳසැලද සැකකරු විසින් කුලි පදනම මත ලබාගත් එකක් බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
කෙසේ නමුත් මුදල් මුද්‍රණය කරන ලද අදාළ සැකකරු රුපියල් 5000 නෝට්ටු 200ම මුද්‍රණය කිරීම සදහා ප්‍රධාන සැකකරු ගෙන් රුපියල් දසදහසක් පමණක් ලබාගත් බවත් ඔහු එය විදෙශිකයින් හට ලබාදීමට පවසමින් මුද්‍රණය කරගත්බව මුදල් මුද්‍රණය කරදුන් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.