තරුණ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට පෞද්ගලික ගොඩනැගිල්ලකට රු. ලක්ෂ 59කට ආසන්න මුදලක් මාසිකව ගෙවන බවත්, මෙම මුදල් නාස්තිය වළක්වා ගැනීමට තරුණ කටයුතු අමාත්‍යාංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ, ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඊයේ (02දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හමු වූ අවස්ථාවේදීය.
"තරුණ කටයුතු අමාත්‍යාංශය පවත්වා ගෙන යාමට පසුගිය කාලය පුරා රජයේ මුදල් මිලියන ගණනක් පෞද්ගලික ගොඩනැගිල්ලකට වියදම් කරලා තියෙනවා.
මේ මුදල් නාස්තිය නැති කරන්න අපි තරුණ කටයුතු අමාත්‍යාංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට රැගෙන යාමට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම මෙරට තරුණ තරුණියන් බලගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා" යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.