ඉන්දියාවේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "ලටා" නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 18කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොස්ගොඩ ප්‍රදේශයේ විදුහලක් අසලදී පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ එක බැගින් ප්ලාස්ටික් භාජන වල දමා පොහොර උර දෙකක දමා තිබූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු කාරියවසම් ලියනගේ ඉසුරු නිලංග 27 නැමැත්තෙකි .
සුඛෝපභෝගී බස් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹට ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශ ලද තොරතුරක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් දින කීපයක් තිස්සේ ඒ පිළිබඳ සෝදිසියෙන් සිට බස් රථය නවතා පරික්ෂා කිරීමේ දී එහි අසුනක් මත පොහොර බෑග් දෙකක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
මීට වසර කීපයකට ඉහත දී කළුතර උතුර එතන මඩළ ප්‍රදේශයේදී පාතාල නායකයකු වූ සමයං නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු වූ හෝමාගම මුල්ලේගම අසංක කුමාර හේරත් හෙවත් ලටා නැමැත්තා එම ඝාතනයෙන් පසු ඉන්දියාවට පලාගොස් සැඟවී ඝාතනයට ලක්වූ අංගොඩ ලොක්කා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බව පොලීසිය කියයි
ලටා නමැත්තා ගේ උපදෙස් මත මීට සතියකට පමණ ඉහතදී තෙල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මාසිකව රුපියල් හය ලක්ෂ 650000 කුලී පදනම මත සුඛෝපබෝගී බස් රථයක් ලබාගෙන දකුණු පළාතේ සිට මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා එහි රියදුරු ලෙස ඉසුරු නිලංග නමැත්තා යොදාගෙන තිබූ බව පොලිසිය කියයි .
මේ කුමක්දැයි වත් තොගේ ලබා ගැනීම සඳහා මීට දින දෙකකට පමණ ඉහතදී බස්රථ රියදුරු ලෙස කටයුතු පුද්ගලයා හික්කඩුව දෙසට ගිය ද ඔහුට වරින් වර විවිධ ස්ථාන වලට ස්ථාන වලට පැමිණෙන ලෙස දන්වා දුරකථන ඇමතුම් ලැබී ඇතැයි පොලිසිය කියයි .
මත්ද්‍රව්‍ය තොගය ගැනිමෙන් අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ අතුරුගිරියට පැමිණ ලෙසත් සිදු කළ යුතු කර්තව්‍ය පිළිබඳ දුරකථනය හරහා දැනුම්වත් කරන බව ඉන්දියාවේ සැඟවී සිටින ලටා නැමැති පුද්ගලයා විසින් සැකකරුට පවසා තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ