දුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ 8 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි .
බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදරට පැමිණෙන බවට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු රජවැල්ල පදිංචිකරුවෙක් වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලීසිය වෙත භාර දී ඇත .
බිමල් ශ්‍යාමන් ජයසිංහ