රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මේ සදහා අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පැවසුවේය. ගැසට් නිවේදනයට අදාළ තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවත් මහජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබා දීම එහි අරමුණ බවත් ලේකම්වරයා පැවසී ය.