නීතිවිරෝධී ලෙස රහසිගතව උතුරු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට යාපනයට පැමිණිමට උත්සාහ කළ ශ්රී ලාංකීක පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්රදේශයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරික්ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදී වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් නීතිවිරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර වැඩිදුර සිදුකරන ලද පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස් යුද සමයේදී ඉන්දියාවට ගොස් නැවත පැමිණිමට උත්සාහ දරා ඇති බවටය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24, 27 සහ 34 ක් වන වවුනියාව ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඩෙල්ෆ් පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත ඔවුන් රැගෙන ඒමෙන් පසු ප්රථමාධාර පහසුකම් සපයා අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, ධීවර යාත්රාව සහ අනෙකුත් උපකරණ සමඟින් ඩෙල්ෆ්, පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.