ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්රස් නියෝජිතයන්ට ආරාධනා කළ බවත් ඔවුන් එම ආරාධනාව පිළිගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (19දා) කොංග්රස් පක්ෂයේ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනාව කර තිබේ.
අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
අග්රාමාත්යරවාය හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව හෙට (20 දා) නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.