රුහුණු සරසවිය හෝ එහි පිඨයක් වසා නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවිර මහතා පැවසිය.
රුහුණු සරසවිය සම්බන්ධව විවිධ මත සමාජ මාධ්‍යයේ සහ මාධ්‍යයේ ප්‍රචාරය විම සම්බන්ධව මාධ්‍ය වෙත අද (13) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම එසේ පැවසිය.
එහිදි තවදුරටත් අදහස් පලකල ඒ මහතා ,
‘‘ මාධ්‍ය මගින් සහ විවිධ අය විසින් ප්‍රශ්න කරනු ලැබුවා රුහුණු විශ්ව විද්‍යාලයේ කොරෝනා ආසාදිත සිසුවියක් ඉන්නවයි කියලා. එහිදි ශිෂ්‍යාවක් හෝ සිසුවෙක් වාර්තා වන්නෙ නැහැ. කොවිඩි 19 අසාදනය වෙලා කියලා. නමුත් සිදුවිම තමයි කොවිඩි 19 අසාදනය වු තත්වයක් වාර්තා වෙලා තිබුණේ ශිෂ්‍යාවකගේ පියෙක්.
ඒ පියා සහ මේ ශිෂ්‍යාව අතර සම්බන්ධතාවයක් ගිය මාසේ 27 වෙනිදා ඉදලා මේ වෙනකල් තිබිලා නැහැ. අදාල ශිෂ්‍යාව මේ විශ්ව විද්‍යාලයේ මෙතෙක් රැදි සිටියේ නමුත් එම ශිෂ්‍යාවගේ මව පැමිණ තිබුනා පසුගිය 4 වෙනිදා ශිෂ්‍යාව හමුවෙන්න. ඉතින් ඒ හමුවිම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් මතුවෙලා තිබුනේ. ඒ සම්බන්ධව අදාල පි.සි.ආර් පරික්ෂණ විශ්ව විද්‍යාලය හා සෞඛ්‍ය නිලධාරින් එකතු වෙලා සිදුකරනු ලැබුවා ’’ යැයි පැවසිය.