මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරස්ථානයට භික්ෂූන් වහන්සේ නමක් ලෙස ව්‍යාජව පැමිණි පුද්ගලයෙක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“මීගලෑව පොලිස් වසමේ රැස්වෙහෙර රජමහා විහාරයට එක්තරා පුද්ගලයෙකු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පැමිණ තිබෙනවා.
ඔහු පිළිබඳව සැක සිතුණු විහාරාධිපතිහිමියන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අසළ පිහිටි කැලෑවකට ඊයේ දිනයේදි පළාගොස් තිබෙනවා.
එම කැලෑව ආශ්‍රිතව පොලීසිය හා ප්‍ර දේශවාසීන් ඔහුව සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඔහු යම් අපරාධයක් කිරීමට පැමිණ ඇතැයි අනුමාන කරනවා. ඒ වගේම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා හා සමාන හැඩරුව ඇති පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ලැබුණ හොත් 0718591287 අංකයෙන් මීගලෑව පොලිස් ස්ථානාධිපතිතුමා අමතන ලෙස දන්වනවා”