රුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 28 දා සිට 2019 මාර්තු 30 දක්වා ඔවුන් මෙසේ කොළඹ - මොස්කව් අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සතියකට ගුවන් වාර පහක් කොළඹ - මොස්කව් අතර සිදුකිරීමට නියමිතය.
ඒ අනුව SU 0286 ගුවන් යානය සඳුදා, බ්රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී රුසියානු වේලාවෙන් රාත්රී 10.05ට Sheremetyevo වලින් පිටත්වීමට නියමිතය. එය කොළඹට ශ්රි ලංකා වේලාවෙන් පෙරවරු 9.05ට ළඟාවීමට නියමිතය.
කොළඹින් උදෑදන 10.45ට සඳුදා, බ්රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී SU 0287 ගුවන් යානය ගමන් ආරම්භ කරන අතර එය Sheremetyevo වෙත රුසියානු වේලාවෙන් පස්වරු 5.30ට ළඟාවීමට නියමිතය.
Aeroflot ගුවන් සේවය මීට වසර කිහිපයකට පෙර ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් ක්රියාත්මක කළත් පසුව එය අත්හිටවනු ලැබීය.
ගුවන් සමාගම නිවේදනය කරන්නේ A 330 එයා බස් ගුවන් යානා මේ වෙනුවෙන් යොදවන බවයි.