රුසියාව වෙත යළි පැමිණි විගස අත්අඩංගුවට පත් එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සහාය පළ කරමින් පැවති විරෝධතා මැඬපැවැත්වීම සඳහා රුසියානු පොලීසිය 3,000කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
වසර ගණනාවකට පසුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට එරෙහි විශාලතම පෙළපාලිවලට සම්බන්ධ වීමට දහස් සංඛ්‍යාත ජනතාවක් දැඩි පොලිස් බාධාක නොතකා පැමිණි තිබුණි.
මොස්කව්හිදී කැරලි මර්දන පොලිසිය විරෝධතාකරුවන්ට පහර දී ඇදගෙන යනු දක්නට ලැබුණු බවද විදෙස් වාර්තා පවසයි.
ජනාධිපති පුටින්ව දැඩිව විවේචනය කරන්නෙකු වූ පසුගිය ඉරිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු විරෝධතා කැඳවනු ලැබූ අතර, ඔහුගේ බිරිඳද විරෝධතාවන්ට එක්ව තිබුණි.
ඔහු පසුගිය අගෝස්තු මාසයේදී රුසියාවේදී විෂ ශරීරගත කරවීමක් හේතුවෙන් ජර්මනියේ බර්ලීනය වෙත ගොස් සුවය ලබා යළි රුසියාව වෙත පැමිණෙමින් සිටියේය.