රුසියාවේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දත්තවලට අනුව බ්‍රහස්පතින්දා දිනය වනවිට රුසියාව කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 2ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව එදින ගෙවීගිය පැය 24 තුළ රුසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 23,610ක් සහ මරණ 463ක් නිල වශයෙන් වාර්තා කර ඇති අතර, මෙය රුසියාව තුළ වසංගතයේ ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන හා මරණයි.
මේ අතර ස්වාධීන නිරීක්ෂකයන් සහ විවේචකයන් රුසියාවේ ආසාදන ගණන් කිරීමේ ක්‍රම පිළිබඳව සැක පහළ කළද රුසියාව පවසන්නේ මෙම දත්ත තහවුරු කළ නිල දත්ත බවයි.
ඒ අනුව රුසියාවේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානය අනුව බ්‍රහස්පතින්දා වනවිට සමස්ත ආසාදන අගය සටහන් වූයේ 2,015,608ක් සහ මරණ 34,850ක් ලෙසිනි.