ගෙවීගිය පැය 24ක කාලයේදී රුසියාවෙන් නව ආසාදන 10,102ක් වාර්තා වීමත් සමග, නිල වශයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 155,370ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට කොරෝනා වෛරස ප්‍රතිචාර මූලස්ථානය පවසයි.
සමස්තයක් ලෙස රට තුළ මරණ 1,451 වාර්තා වී තිබේ. තවමත් වෛරසය ආසාදිතව සුවය ලබා ඇත්තේ 19,865ක පිරිසකි.
රුසියාව හුදකලා කිරීමේ කාලය මැයි 11දා දක්වා දීර්ඝ කර අති අතර, ජනාධිපති ව්ලැඩිමීර් පූටින් කියා සිටියේ, "අපි වසංගතයේ නව හා දරුණු අවධියකට මුහුණ දීමට සූදානම්ව සිටිනවා. වෛරසයේ මාරාන්තික තර්ජනය තවමත් පවතිනවා" යනුවෙනි.