මේ වනවිට ලොව දෙවැනිවට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රුසියාවේ සමස්ත ආසාදිත අගය අද (20දා) උදෑසන වනවිට 299,941ක් ලෙස වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට රුසියාවේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 2,837ක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත් රුසියාවේ සමස්ත ආසාදිතයන්ගෙන් පුද්ගලයන් 76,130 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.