රුසියාවේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 4ක සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (31දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 396,575ක් වශයෙනි.
එමෙන්ම රුසියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,000 සීමාව කරා පැමිණ ඇති අතර, එය අද (31දා) උදෑසන වනවිට දක්නට ලැබුණේ 4,555ක් ලෙසිනි.
එරට මොස්කව් නගරය වෛරසය පැතිරී යාමෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති නගරය ලෙස සැලකෙන අතර, රුසියාවේ ආසාදිත අගය ඉහළ ගියත්, මරණ අනුපාතය පහළ අගයක පවත්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මේ අතර රුසියාවේ වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 167,469ක් බව දත්ත වාර්තා පෙන්වා දෙයි.