රුසියාව නව ආසාදිතයන් 10,000කට වැඩි සංඛ්‍යාවක් ඊයේ (12දා) දිනයේදීද අඛණ්ඩව 10 වැනි දිනටත් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම බැටකන රාජ්‍ය ලෙස ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ලෙස සැලකුණු රුසියාව ලෝකයේ වැඩිම ආසාදිතයන් සිටින රටවලින් දෙවැනි තැනටද මේ වනවිට පත්ව තිබේ.
ඒ අනුව මේ වනවිට රුසියාවෙන් අවම වශයෙන් ආසාදිතයන් 232,243ක් තහවුරු වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 2,116ක් වෛරසයෙන් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
2020 ඇස්තමේන්තු අනුව රුසියාවේ සමස්ත ජනගහනය මිලියන 146කට වඩා වැඩිය.