ස්පුට්නික්-වී නමැති නව කොරෝනා වෛරස එන්නත පිටුපස රුසියානු ආයතනය සමග සම්බන්ධ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.
රුසියාව පසුගියදා කිය සිටියේ, මෙම ස්පුට්නික්-වී කොරෝනා වෛරස එන්නතෙහි දත්ත පිළිබඳ පූර්ව විශ්ලේෂණයකින් පෙනී යන්නේ එහි 92%ක ඵලදායීතාවක් පවතින බවය.
ඒ අනුව මෙම එන්නතේ හදිසි භාවිතය පිළිබඳ ලැයිස්තුගත කිරීම (EUL) සඳහා ඉල්ලුම් කිරීමට කැමැත්ත පළ කළ ගමාලියා වසංගත රෝග හා ක්ෂුද්රජීව විද්‍යා ආයතනය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ගේ ස්පුට්නික් වී අපේක්ෂක එන්නත සඳහා දත්ත ලබාගැනීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
එහිදී තක්සේරු කිරීම සඳහා ඉදිරිපත් කරනලද නිෂ්පාදනයක් (එන්නතක්), ලැයිස්තුගත කිරීම සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ප්‍රතිඵල පුළුල් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ කාලසීමාව එන්නත් නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කරනලද දත්තවල ගුණාත්මකභාවය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක සපුරාලන දත්ත මත රඳා පවතියි.