ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා රෝහල් ගත කර තිබේ.
තමාට අසනීප තත්ත්වයක් ඇති බවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.
ඉන් අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම ස්ථානයේ ආරක්ෂාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා තිබේ.