වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා අද හා හෙට සහභාගි කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කොට තිබේ. ඊයේ (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුද්දීන් මහතාව හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවියයුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.
එබැවින් මන්ත්‍රීවරයා අද හා හෙට දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද ලිපියේ තවදුරටත් සඳහන් වේ.
රිෂාඩ් බදියුද්දීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.