හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මැදිහත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.
"හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මල්ලී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට සහ සී.අයි.ඩි.ය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලිපි යවනවා මැතිවරණය අවසන් වන තෙක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා.
මම වුණත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කියන්න පුළුවන්ද මැතිවරණය අවසන්වනතෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද කියා නියෝග දීමටද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ?
මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට දැන් එළියට ඇවිත් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඒ පිළිබඳ හෙළිදරව් කරන්නේ නැහැ. ඒ හඬපටවල තියෙනවා සජිත් පේ‍්‍රමදාසගේ පක්ෂය නිත්‍යානුකූලව වලංගු නැහැ කියලා ඔහු පවසන අකාරය. ඒත් ඔහු නිත්‍යානුකූලව වලංගු නැති පක්ෂයකට අද ඡන්දය ඉල්ලන්න අවස්ථාව දීලා තිබෙනවා. ඒක එතකොට නිත්‍යනුකූලද?"