2019 වසරේ පැවැති ජනපතිවරණයේදී අවතැන්වූවන් ලංගම බස් රථ හරහා මන්නාරමට ප්‍රවාහනය කරමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවැසීය.
ඔහු අත්අඩංගුවට ගැනීමට බාධාවක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව ඔහුට එරහෙිව වරෙන්තු නිකුත් කරීම ප්‍රතික්ෂේප කර බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදින් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මේ බව සඳහන් කළේය.