රිෂාඩ් බදුර්ඩින්ව 20 වෙනි සංශෝධනයට සහය ලබා ගැනිම සදහා හෝ කිසිසෙත් ආණ්ඩුවට එක් කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මේ බැව් කියා සිටියේ (04) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ රිෂාඩ් බදුර්ඩින්ගේ සහෝදරයා නිදහස් කිරිම සම්බන්ධයෙන් , 20 වෙනි සංශෝධනයේ රිෂාඩ් බදුර්ඩින්ගේ සහය ලබා ගැනිමේ අරමුණින් , ඔහු නිදහස් කල බව රජයට චෝදනා කරනවා විපක්ෂය.
රිෂාඩ් බදුර්ඩින්ව කිසිසේත් 20 වෙනි සංශෝධනයට සහය ලබාගැනිමට ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නේ නැ. රිෂාඩ් බදුර්ඩින් කියන්නේ අන්තවාදයට සහයෝගය ලබාදුන් , දුෂිත ගණුදෙනු වලට සහය දුන්න ඇමතිවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ කිසිසෙත් රිෂාඩ් බදුර්ඩින්ව හෝ ඔහුගේ සගයෙක්ව ආණ්ඩුවට එක් කර ගන්නේ නැ. රිෂාඩ් බදුර්ඩින්ව ආණ්ඩුවට ගන්නවා කියලා කතා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ ජාතික නිදහස් පෙරමුණ. රිෂාඩ් බදුර්ඩින් ඉන්නෙත් ජාතික නිදහස් පෙරමුණ එක්ක පාර්ලිමේන්තුවේ. පසුගිය මැතිවරණයට රිෂාඩ් බදුර්ඩින් තරග කලේ ජාතික සමගි ජන බලවේගය යටතේ. සි.අයි.ඩි පරික්ෂණ පිලිබදව අපිට කතා කරන්න බැ. අත්අඩංගුවට ගන්නවා නිදහස් කරනවා. රිෂාඩ් බදුර්ඩින්ගේ පුතාව නිදහස් කිරිම සම්බන්ධයෙන් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය රජය වගේ අරලියගහ මන්දිරයේ රැස්විම් තියලා පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නැ. 20 වෙනි සංශෝධනය වෙනයි පාස්කු ප්‍රහාරය වෙනයි කියලා අපි කියනවා. යනුවෙන් පැවසිය.