පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව අදාළ මුදල් බැරවීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙසත් ඒ සඳහා තම උපරිම සහාය ලබාදෙන බවත් මුසම්මිල් මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වෙයි.